ගල් විහාරය (උත්තරාරාමය) - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී. |
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන පොළොන්නරුව පැරණි නගරය තුල 12
වැනි සියවසේදී I පරාක්‍රමබාහු රජු විසින් නිර්මාණය කරන ලද ගල් විහාරය (ඉතිහාස ග්‍රන්ථ වල උත්තරාරාමය ලෙසින්ද
හඳුන්වනු ලබන අතර) අඩි 80 ක් දිග හා අඩි 30 ක් පළල පර්වතයක් පදනම් කොට ගෙන නිමවා ඇති විහාරයකි. මෙම විශාල පර්වත බිඳී විශිෂ්ට බුද්ධ ප්‍රතිමා සතරක් සහ සෙල්ලිපියක් සකස්කොට
ඇත.
ප්‍රථමයෙන් ඇත්තේ උසින් අඩි 15 අඟල් 2 1/2 ක් පමණ වන ධ්‍යාන මුද්‍රාවෙන් නෙලන ලද බුද්ධ ප්‍රතිමාවයි. ප්‍රතිමාව වටා ගලේ ආරුක්‌කුවක හැඩය ගත තොරණ සැරසිල්ලක් සකසා ඇත.
දෙවනුව විජ්ජාධර ගුහාව, ගල තුලට ගුහාවක් ලෙස හාරා මෙම ගුහාව තුළ නෙලා ඇති අඩි 4 අඟල් 7 ක් පමණ උස ධ්‍යාන මුද්‍රවත් වැඩ හිදින බුද්ධ ප්‍රතිමාව බුදු රජාණන් වහන්සේ තුසිත දෙව්ලොව වස්වසන අයුරු පෙන්නුම් කරයි. ප්‍රතිමාවේ පිටුපසින් මකර තොරණක ආකෘතියක් දක්නට ලැබේන අතර දෙපසින් දේවරූප 2කි. ඇතැමුන් මේවා බෝධි සත්ව රූප යැයිද ඇතැමුන් මේවා බ්‍රහ්ම විශ්ණු රූප යැයිද අනුමාන කරයි. තවද බුදු පිළිමය වටා ඇති බිත්තිවල සිතුවම් ඇඳ තිබූ බවටද සාධක හමු වේ. මෙම පිළිමය දඹ රත් ආලේප කොට තිබූ බවත් සොරුන් විසින් පිළිමයට දැව මහේත්තු කොට ගිණි දක්වා එම රත් උණු කොට ගෙන ඇති බවත් ජනප්‍රවාදයේට අනුව පැවසේ. දැනුදු මෙම පිළිමයේ සමහර ස්ථානයන්හි එම කථාව සනාථ කිරීමට සාක්ෂි පවතී.
තෙවනුව පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද පොළොන්නරු කතිකාවක නම් වූ සෙල් ලිපිය මෙම විජ්ජාධර ගුහාව අසල ගලෙහි නෙලා ඇත. අඩි.13 x 4 ප්‍රමාණයෙන් සහ පේළි 51 කින් යුත් මෙම ලිපියෙහි අන්තර්ගතය වන්නේ ලංකේෂ්වර පරාක්‍රමබාහු රජගේ රාජ අනුග්‍රහය ලද දිඹුලාගල කාශ්‍යප හිමියන් ප්‍රධාන සංඝයා රැස් කරවා දුශ්ශීල මහණුන්ගේ සිවුරු හරවා බැහැර කොට සුචරිතවත් භික්‍ෂූන්ට සිවුපස සලසා තුන් නිකායම සමඟි කොට ශාසන ශුද්ධියක් කරවා ඒ ඒ නිකායන් විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව වූ ව්‍යවස්‌ථාවන් ය.
සිව්වනුව ත්‍රිභංග ඉරියව්වකින් යුත් හිටි බුද්ධ ප්‍රතිමාවයි. උස අඩි 22 අඟල් 9 ක් පමණ වේ. මෙම හිටි රූපයේ අනන්‍යතාවය ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින් අතර යම් මතභේදයකට ලක්ව ඇති අතර, ඇතැමුන් තර්ක කරන්නේ එය බුදුන් වහන්සේ නොව ආනන්ද භික්ෂුව නිරූපණය කරන බවයි. නමුත් ආසියාවේ බොහෝ බෞද්ධ රටවල බුද්ධ චරිතය හා සබැඳි මූර්ති, කැටයම්, බිතුසිතුවම්වල ආනන්ද තෙරුන් සම්බුද්ධ ශ්‍රී පතුල අසල ශෝකානුකූලව වැඩ සිටිනවා මිස බුද්ධ ශීර්ෂයට ඉදිරියෙන් පද්මාසනයක් මත සෘජු ඉරියව්වකින් වැඩ සිටින අවස්‌ථාවන් කිසි විටෙක නිරූපණය කර නොමැත. නෙළුම් මලෙන් අලංකෘත කවාකාර ශිලා වේදිකාවක් හෙවත් පද්මාසනය ථෙරවාදී හෝ මහායාන ප්‍රතිමා කලා රීතීන්ට අනුව යොදාගන්නේ බුද්ධ ප්‍රතිමාවට මිස සංඝ ප්‍රතිමාවලට නොවේ.
පස්වනුව අඩි 46 ක දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාව. පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය ඉතා උසස් භාව ප්‍රකාශන සහිතව නිමවා ඇත. මෙම ප්‍රතිමාවද පිරිනිවන් මංචකය නිරුපනය කරනු ලබයි, ඇතැමුන් විසින් සැතපී වැඩසිටින බවටද මත ඉදිරිපත් කරයි.
මේ පිළිම සඳහා වෙනම කාමර තිබු බව ඉදිරිපස ඇති ගඩොල් බැමි සාක්ෂි දරයි.
පොළොන්නරුවේ වැඩිපුරම නරඹන ස්මාරකය බවට ගල් විහාරය පත් කර ඇත. උත්තරාරාමයේ රූප පෙර අනුරාධපුර යුගයේ රූපවලට වඩා වෙනස් ශෛලියක් අනුගමනය කරන අතර සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් පෙන්නුම් කරයි. සෑම රූපයක්ම පර්වතයේ හැකි උපරිම ප්‍රදේශයක් භාවිතා කරන ආකාරයට කැටයම් කර ඇති අතර ඒවායේ උස පර්වතයේ උස අනුව තීරණය කර ඇති බව පෙනේ.

ගල් විහාරය (උත්තරාරාමය) 360°/ VR කරකවා බැලිය හැකි ඡායාරූප:
>> 360° පින්තූර නිවැරදිව විවෘත නොවන්නේ නම්, කරුණාකර මෙහි ක්ලික් කරන්න. <<

ගල් විහාරය (උත්තරාරාමය) විශ්මිත ඡායාරූප:
ගල් විහාරය (උත්තරාරාමය) - පොලොන්නරුව, ශ්‍රී ලංකාව
- ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී. |
ගල් විහාරය (උත්තරාරාමය) පිහිටීම:
No comments:
Post a Comment