🌐 Select your Language

🌐 Search your Locations

🌊 මාර්බල් බීච් - ත්‍රිකුණාමලය (ep01)

මාබල් බීච් - ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.
මාබල් බීච් - ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී.


මාර්බල් බීච් ත්‍රිකුණාමලයේ සුන්දරම වෙරළ තීර වලින් එකක් වන අතර පැහැදිලි නිශ්චල මුහුදක් පැවතීමත් දිවා කාලයේදී හිරු රැස් වැටුනු විට කිරිගරුඬ මෙන් දිප්තිමත් වෙරළ තිරයක් පැවතීමත් නිසා මෙම වෙරළ මාර්බල් බීච් ලෙස හඳුන්වනවා.

ත්‍රිකුණාමලය සිට පැමිණෙන විට හමුවන කින්නියා පාලම පටන් ගන්න කලින් වමට තියෙන පාරේ හැරිලා කිලෝමීටර් එකහමාරක්‌ විතර ගියහම මේ අපූරු වෙරළ තීරය හමුවෙනවා.

මෙතන ඉඳන් කෙලින්ම මුහුද දෙස බැලුවිට පෙනෙන්නේ ත්‍රිකුණාමල වරායේ විවරයයි. මේ නිසා වරාය වෙත පිවිසෙන නාවික යාත්‍රා තරමක් ලඟින් බලාගන්නත් පුළුවන්. මදක් දකුණු පසට වෙන්න රවුන්ඩ් අයිලන්ඩ් හා එහි ඇති ප්‍රදීපාගාරයත් මදක් වම්පසට වෙන්න "එළිෆන්ට්‌ අයිලන්ඩ්" වගේම එලිෆන්ට්‌ තුඩුවත්, 
වම්පසින් වරායත් මෙතැනට හරි අපූරුවට දැක බලාගන්න පුළුවන්.

යුද සමයේ සිට මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව භාරව කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. යුද්ධයේ නිමාවත් සමඟ "මාබල් බීච්"වල කළමනාකරණ කටයුතු කරන්නෙත් ගුවන් හමුදාව. ඒ වගේම ඔවුන් දැන් මෙහි අපූරු නිවාඩු නිකේතනයක්‌ද ක්‍රියාත්මක කරගෙන යනවා.

මාබල් බීච් හි සොඳුරු අත්දැකීම ඔබටත් මෙම 360°/VR වීඩියෝව මගින් එලෙසින්ම විඳගැනීමට හැකිවේයැයි අපි විශ්වාස කරනවා!

ඒවගේම මේ ලස්සන පරිසරයට හානියක් නොවන අයුරින් ඒ සුන්දරත්වය විඳින්න කියලත් මතක් කරනවා 🙂



මාර්බල් බීච් 360°/ VR කරකවා බැලිය හැකි වීඩියෝව:


මාර්බල් බීච් 360°/ VR කරකවා බැලිය හැකි ඡායාරූප:




මාර්බල් බීච් විශ්මිත ඡායාරූප:


Marble Beach - Trincomalee, Sri Lanka - Image Captured by Travel 360 Sri Lanka
Marble Beach - Trincomalee, Sri Lanka - Image Captured by Travel 360 Sri Lanka



මාර්බල් බීච් පිහිටීම:



No comments:

Post a Comment