පරාක්‍රමබාහු රජ මාලිගය - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී. |
මහා පරාක්‍රමබාහු රජුගේ මෙම මාළිගය සත්බුමුපාය, වෙෙජයන්ත ප්‍රාසාදය/ විජයොත්පාය යන නම් වලින්ද හඳුන්වා ඇත.
කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් ගිනිගෙන දැවුණු මෙම මාලිගයේ අද වනවිට මහල් 3ක අවශේෂයන් පමණක් දැකගන්න පුළුවන්. නමුත් එකල මෙම මාළිගය මහල් හතකින් සමන්විතව තිබූ බව පැවසෙයි. උඩු මහල් ලී බාල්ක මත ලෑලි සවිකිරීම මගින් නිමවා තිබී ඇති අතර මහල් තරණය සඳහා ගල් පඩි යොදා ඇත. ගල් පඩි පෙලේ කොටසක් සහ බාල්ක සවිකර තිබු තව් හා බිත්ති කුහර, ඝන ගඩොල් බිත්ති අතර අදටත් දකින්න පුළුවන්.
මහාවංශයට අනූව මෙම මාළිගයෙහි කාමර දහසක් තිබූ බව කියැවෙයි. කෙසේවූවද මාළිගා ගොඩනැගිල්ලෙහි කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක් සේ සැළකුණද සමස්ථ මාළිගා පරිශ්‍රය තුල කාමර දහසක් තිබෙන්නට ඇතිබව විශ්වාස කරන්න පුළුවන්.
පරාක්‍රමබාහු රජ මාළිගාව තුල ඇවිදන් යම්න් සොඳුරු අත්දැකීමක් ලබාගන්න මෙම 360°/VR වීඩියෝව මගින් ඔබටත් හැකිවේයැයි අප විශ්වාස කරනවා!
ඉතා වටිනා පුරාවිද්‍යා භූමියක් වන මෙම පරිසරයට හානියක් නොවන අයුරින් ඒ සුන්දරත්වය විඳගන්න කියලත් මතක් කරනවා 🙂
පරාක්‍රමබාහු රජුගේ මාලිගාවේ 360°/ VR කරකවා බැලිය හැකි වීඩියෝව:
පරාක්‍රමබාහු රජුගේ මාලිගාවේ 360°/ VR කරකවා බැලිය හැකි ඡායාරූප:
>> 360° පින්තූර නිවැරදිව විවෘත නොවන්නේ නම්, කරුණාකර මෙහි ක්ලික් කරන්න. <<
>> 360° පින්තූර නිවැරදිව විවෘත නොවන්නේ නම්, කරුණාකර මෙහි ක්ලික් කරන්න. <<
පරාක්‍රමබාහු රජුගේ මාලිගාවේ විශ්මිත ඡායාරූප:
පරාක්‍රමබාහු රජ මාලිගය - පොලොන්නරුව, ශ්‍රී ලංකාව - ට්‍රැවල් 360 ශ්‍රී ලංකා විසින් ගන්නා ලදී. |
පරාක්‍රමබාහු රජුගේ මාලිගාවේ පිහිටීම:
No comments:
Post a Comment