ශ්‍රී ලංකාව - Sri Lanka - இலங்கை
- වේලා කලාපය - (UTC+ 5.30)
- අන්තර්ජාල ඩොමේන් නාමය - (.Ik)
- දුරකථන ඇමතුම් කේතය - (+94)
- ව්‍යවහාර මුදල - ශ්‍රී ලංකා රුපියල් (LKR)
- රිය පැදවීම වමෙන්.
නිල නාමය
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (Sinhala)
- இலங்கை சனநாயக சோசலிசக் குடியரசு (Tamil)
- Democratic Socialist Republic of Sri Lanka (English)
අතීතයේ හැඳින් වූ වෙතත් නම්
- විජය කුමරු තම්බපන්නි ලෙසද,
- ග්‍රීක් ජාතිකයින් තැප්‍රොබේන් ලෙසද,
- අරාබි ජාතිකයින් සෙරන්ඩිබ් ලෙසද,
- බ්‍රිතාන්‍යයින් සිලෝන් ලෙසද,
- හෙලංකා, ලංකා, සිලාන්, සිව් හෙළය, හෙළය, සීල දීප, රත්නදීප ලෙසින් ද හැඳින්වීය.
පිහිටීම
- පිහිටීම - ශ්‍රී ලංකාව පිහිටා ඇති භූචලක තැටිය ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ චලක තැටියයි. බෙංගාල බොක්කේ නිරිත දෙසින් ලංකාව පිහිටා තිබේ. එය උතුරු අක්ෂාංෂ 5-10 ත් අතරත් නැගෙනහිර දේශාංශ 79-82ක් අතරත් පිහිටා තිබේ.
- වර්ග ප්‍රමාණය - සම්පූර්ණ - වර්ග කි. මීටර් 65,610 වර්ග සැතපුම් 25,332
- වර්ග ඵලය - ප්‍රධාන දූපත පමණක් වර්ග කි. මීටර් 65,525
- අභ්‍යන්තර ජල ප්‍රදේශය - වර්ග කි. මීටර් 1570
- ජලය - මුළු වර්ග ප්‍රමාණයෙන් 4.4% කි.
- විශාලත්වය අනුව ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 122 ස්ථානයේය.
- අගනුවර - ශ්‍රී ජයවර්ධනපුර
- විශාලතම නගරය - කොළඹ
- ජාති නාමය - ශ්‍රී ලංකාව
- නිදහස - මහා බ්‍රිතාන්‍යයෙන්
- ඩොමිනියන් ස්වයං පාලනය - 1948 පෙබරවාරි 04
- ජනරජය - 1972 මැයි 22
- පැරණිතම දේශපාලන පක්‍ෂය - ලංකා සමසමාජ පක්ෂය
ජනයා
- ජනගහණය - 2009 ඇස්තමේන්තු අනුව 20,238,000
- 2012 ජන සංගණනය 20,227,597
- ජනගහණය අනුව ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 53 ස්ථානයේය.
- ජන ගණත්වය - වර්ග කි. මිටරයකට මිනිසුන් 323 කි
- ජන ගණත්වය අනුව ලොව රටවල් අතරික් ශ්‍රී ලංකාව 40 ස්ථානයේය.
- නිල භාෂාවන් - සිංහල, දෙමළ
- ජනවාර්ගික කණ්ඩායම් - 73.9% සිංහල, 12.6% දෙමළ, 7.4% මුස්ලිම්, 5.2% ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ, 0.5%
වෙනත්
ජාතික සංඛේත
නිල ජාතික කොඩිය |
නිල ජාතික ලාංඡනය |
- ජාතික පුෂ්පය නිල් මානල්
- ජාතික වෘක්ෂය නා ගසය
- ජාතික පක්ෂියා වළි කුකුළා
- ජාතික සමනලයා - මහ කුරුලු පිය පැපිලියා
- ජාතික ක්‍රීඩාව - වොලිබෝල්
- ජාතික මැණික - නිල්මැණික
නිල ජාතික ගීය
අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
play |
පරිපාලනය
- පරිපාලනය පළාත් 9 කි. ඒවා දිස්ත්‍රික්ක 25 කට බෙදා ඇත.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 256 කී.
- ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,008 කි.
පළාත් 9 |
දිස්ත්‍රික්ක 25 |
සබරගමුව පළාත (කෑගල්ල, රත්නපුර)
- ප්‍රධාන නගරය - රත්නපුර
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 4921
- ජනගහනය - 1,918,880
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 28
- පළාත් පුෂ්පය - වෙසක් මල
ඌව පළාත (බදුල්ල, මොණරාගල)
- ප්‍රධාන නගරය - බදුල්ල
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 8335
- ජනගහනය - 1,259,900
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 26
- පළාත් පුෂ්පය - ගුරුළු රාජ මල
මධ්‍යම පළාත (මාතලේ, මහනුවර, නුවරඑලිය)
- ප්‍රධාන නගරය - මහනුවර
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 5575
- ජනගහනය - 2,558,716
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 36
- පළාත් පුෂ්පය - මහරත් මල
උතුරු මැද පළාත (අනුරාධපුර, පොලොන්නරුව)
- ප්‍රධාන නගරය - අනුරාධපුරය
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 9741
- ජනගහනය - 1,259,567
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 29
- පළාත් පුෂ්පය - ඇහැල මල
වයඹ පළාත (කුරුණෑගල, පුත්තලම)
- ප්‍රධාන නගරය - කුරුණෑගල
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 7506
- ජනගහනය - 2,370,075
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 46
- පළාත් පුෂ්පය - ඇට්ටේරියා මල
බස්නාහිර පළාත (ගම්පහ, කොළඹ ,කළුතර)
- ප්‍රධාන නගරය - කොළඹ
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 3593
- ජනගහනය - 5,821,710
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 40
- පළාත් පුෂ්පය - සුදු නෙළුම් මල
දකුණු පළාත (හම්බන්තොට, මාතර, ගාල්ල)
- ප්‍රධාන නගරය - ගාල්ල
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 5388
- ජනගහනය - 2,464,732
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 45
- පළාත් පුෂ්පය - හීන්බෝවිටියා මල
නැගෙනහිර පළාත(ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර)
- ප්‍රධාන නගරය - මඩකලපුව
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 9361
- ජනගහනය - 1,551,381
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 42
- පළාත් පුෂ්පය - ගොඩ මානෙල් මල
උතුරු පළාත (යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියාව)
- ප්‍රධාන නගරය - යාපනය
- වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 8290
- ජනගහනය - 1,058,762
- ප්‍රා. ලේ. කොට්ඨාශ ගණන - 32
- පළාත් පුෂ්පය - වල් පිච්ච මල
සිවිල් නීති අනුව ඛෙදීම්
- පහතරට: සාමාන්‍ය (රෝම ලන්දේසි හා ඉංග්‍රීසි) සිවිල් නීතිය පමණක් බලපාන ප්‍රදේශය
- උඩරට: සිංහල සාම්ප්‍රදායික සිවිල් නීතිය බලපාන ප්‍රදේශය
- තෙන්නුමරා සහ වඩමාරච්චි: දෙමළ ජාතිකයන් සඳහා තේසවලාමෙයි නීතිය බලපාන ප්‍රදේශය
ශ්‍රී ලංකාවේ ලෝක උරුම (8)
සංස්කෘතික (6)
- අනුරාධපුර පූජා නගරය (1982)
- පොළොන්නරුව පෞරාණික නගරය (1982)
- සීගිරියේ පෞරාණික නගරය (1982)
- මහනුවර පූජනීය නගරය (1988)
- පැරණි ගාල්ල නගරය සහ එහි බලකොටු (1988)
- රංගිරි දඹුලු ලෙන් විහාරය (1991)
ස්වාභාවික (2)
ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත්
ඉල්පිතයින්, පෙස්පාර්, ග්‍රැෆයිට්, සිලිකා, කෙමිකයිටි, මයිකා සහ තෝම්
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය
ආසියාවේ රටවල් අතරන් ජෛව විවිධත්වය වැඩිම රට ශ්‍රී ලංකාවයි.
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංයුතිය ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නොකරන ලද මුත් ශ්‍රී ලංකාවේ මී වන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියලු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂ වලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂ වලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.
Wildlife of Sri Lanka includes its flora and fauna and their natural habitats. Sri Lanka has one of the highest rates of biological endemism (16% of the fauna and 23% of flowering plants are endemic) in the world.
The most recent update on the Sri Lankan biodiversity released during the 6th National Report of the Convention on Biological Diversity 2018.
Birds of Sri Lanka
- ලංකා හබන් කුකුළා Galloprerdix dicarata
- ලංකා වළි කුකුළා Gallus lafayettii lesson
- ලංකා මයිල ගොයා Megalima flavifrons
- ලංකා ගිරා මලිත්තා Loriculus berillinus
- ලංකා අළු ගිරවා Psittacula caltharopae
- වතරතු මල් කොහා Phaenicophaeus pyrrhocephalus
- ලංකා බට ඇටි කුකුළා Centropus chorohynchus blyth
- ලංකා පිට තඹල වන බස්සා Glaucidium castononotum
- අළු කෑදැත්තා Ocyceros gingalensis
- ඉදිරිපස කහ පැහැති බාබට් Megallma flavifrons
- හිස කළු කොණ්ඩයා Pycnontus melanicterus
- ලංකා අරංගයා Megalima flavifrons
- ලංකා හිස සුදු ශාරිකාවා 200thera spiloptera
- ලංකා වන රවියා Bradyplerus palliseri
- ලංකා අඳුරු නිල් මැසි මාරා Eumylas sordida
- ලංකා මුදුන් බොර දෙමලිච්චා Pellorneum fuscopillum
- රතු දෙමලිච්චා Turdoides rulescens
- අළු දෙමලිච්චා Pellorneum fuscopillum
- ලංකා පිලච්චා Dicaeum vinces
- ලංකා සිතාසියා Phaeniccophaeus pyrrhocephalus
- ලංකා කැහිබෙල්ලා Urocissa ornata
- හිස සුදු ශාර්කාවා Slurnus albofrontatus
- ශ්‍රී ලංකා මයිනා Gracula ptilogenys
- කඳුකරව් කුරුල්ලා Lonchura kolaarti
- ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Pycnontus penicilatus
- ශ්‍රී ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා Megalima flavifrons
Mammals of Sri Lanka
ශ්‍රී ලංකාවේ ගොඩබිමින් දේශීය ක්ෂීරපායි විශේෂ 91 හඳුනාගෙන ඈත. ඉන් විශේෂ 16 ශ්‍රී ලංකාවට පමණක් ආවේනික (ඒකදේශික)වේ. මේ අතර 2007 දී පර්යේෂණ කණ්ඩායමක් සිංහරාජ රක්ෂිත වනාන්තරයෙන් හමුවූ නව හික් මීයන් විශේෂයක් (Crocidura hikmiya) විස්තර කරන ලද අතර, මේ නව විශේෂය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් 17 වෙනි ආවේනික ක්ෂීරපායි විශේෂය වේ. බොහෝ ආවේණික ක්ෂීරපායීන් කලාතුරකින් දක්නට ලැබෙන කුඩා නිශාචර ක්ෂීරපායින් වේ
- ශ්‍රී ලංකා රත් උනහපුලුවා - Sri Lanka red slender loris
- ශ්‍රී ලංකා රිලවා - Sri Lanka toque monkey
- ශ්‍රී ලංකා කලු-වඳුරා - Purple-faced leaf monkey
- ශ්‍රී ලංකා මූකලන් ලේනා - Sri Lanka flame-striped jungle squirrel
- ශ්‍රී ලංකා කටු හීන්-මීයා - Sri Lanka spiny mouse
- ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්-මීයා - Sri Lanka spiny rat
- ශ්‍රී ලංකා නෙලු මීයා - Nelu rat
- ශ්‍රී ලංකා දෙපැහැ-මීයා - Sri Lanka bicolored rat
- ශ්‍රී ලංකා ගස්-මීයා - Sri lanka long-tailed tree mouse
- ශ්‍රී ලංකා කුනු හික්-මීයා - Sri Lanka long-tailed shrew
- සිංහරාජ හික්-මීයා - Sinharaja shrew
- ශ්‍රී ලංකා මාහික්-මීයා - Pearson’s long-clawed shrew
- ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා - Sri Lanka jungle shrew
- ශ්‍රී ලංකා පොඩි හික්-මීයා - Sri Lanka pigmy shrew
- ශ්‍රී ලංකා මීමින්නා - Sri Lanka mouse-deer
- ශ්‍රී ලංකා කුරු මීමින්නා - Sri Lanka pigmy mouse-deer
- ශ්‍රී ලංකා රන් කලවැද්දා - Sri Lanka golden palm cat
Amphibians of Sri Lanka
Reptiles of Sri Lanka
Fishs of Sri Lanka
- List of freshwater fish of Sri Lanka
- List of brackishwater and Introduced fish of Sri Lanka
- List of sharks and batoids found from territorial waters of Sri Lanka
- List of common commercial fish of Sri Lanka
Insects of Sri Lanka
Major insects
Minor insects
Freshwater crabs
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප
තෙත් කලාපය (Wet zone)
- වාර්ෂික වර්ෂාපතනය 2500 mmට වඩා වැඩි
- සපේක්‌ෂ ආර්ද්‍රතාව 70% සිට 95% පමණ
අතරමැදි කලාපය (Intermediate zone)
- වාර්ෂික වර්ෂාපතනය 2500 mm-1700 mm අතර
- සාපේක්‌ෂ ආර්ද්‍රතාව තෙත් හා වියළි කාලාපවල අගයයන්ට අතරමැදි
වියළි කලාපය (Dry zone)
- වාර්ෂික වර්ෂාපතනය 1750 mmට වඩා අඩු
- සාපේක්‌ෂ ආර්ද්‍රතාව 50% සිට 70% පමණ
ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ දිග කිලෝ මීටර 1585 කි.
ශ්‍රී ලංකාවේ ගංගා ගණන 103 කි
No comments:
Post a Comment